
අද අපි කතා කරමු SEO Reverse Engineeringg ගැන. මේක තමයි ඕනෑම website එකක් වුණත්, app එකක් කොහොමද වැඩ කරන්නේ කියලා බලලා ඒ ටික තේරුම් ගන්න එක. ඊට පස්සේ ඒක ඔයාගේ විදිහට හදලා ඊටත් හොඳ එකක් create කරන එක. එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්නේ කියල !
1. Understand the Goal
Reverse engineering කරද්දී මුලින්ම ඕනේ ඔයාට ඕනේ මොකක්ද කියලා clear idea එකක් තියෙන එක. උදාහරණයක් විදිහට, competitor website එකක් top rankings වල ඉන්නවා නම්, ඒකෙන් traffic එන්නේ ඇයි කියලා හොයාගන්න ඕනේ. ඔයාගේ Goal එක clear නම් වැඩේ ලේසියි.
2. Break It Down
ඊළඟට ඕනේ ඒක කොටස් වලට බෙදලා බලන එක. Website එකක් නම් keywords, content, design, backlinks වගේ ඒවා තනි තනි බලන්න. උදාහරණයක් ලෙස, “best laptops in 2025” keyword එකෙන් එන traffic බලලා ඒක කොහොමද යොදලා තියෙන්නේ කියලා check කරන්න. Tools වගේ Ahrefs හෝ SEMrush ගත්තොත් ඒ ටික analyze කරන්න පුළුවන්.
3. Study the Structure
Structure එක තමයි ඕනෑම දෙයක backbone එක. Website එකක් නම් page layout, navigation, content flow බලන්න. උදාහරණයක් විදිහට, top site එකක “Best Laptops for 2025” page එක simple එකක්ද, headings ටික clear ද කියලා බලන්න. Reverse engineering කරද්දී ඒ structure එක ටිකක් improve කරලා යොදාගන්න.
4. Analyze the Tools
SEO Tools තමයි reverse engineering වලට ජීවය දෙන්නේ. Competitor ගේ website එකකට traffic එන්නේ කොහොමද කියලා හොයන්න. ahrefs වගේ tool එකක් use කරලා බලන්න පුළුවන්. උදාහරණයක් ලෙස, backlinks ටික check කරන්න Moz හෝ Ahrefs use කරන්න. ඒවයින් ලැබෙන data තමයි ඔයාට guide එකක් වෙන්නේ.
5. Test and Improve
Reverse engineering කියන්නේ බලලා ඉවර වෙන එකක් නෙවෙයි. ඔයා ඒ ටික තේරුම් ගත්තට පස්සේ ඒක test කරලා බලන්න ඕනේ. උදාහරණයක් ලෙස, competitor keyword එකක් යොදලා content එකක් ලියලා බලන්න. traffic එකක් එනවද කියලා. ඊට පස්සේ ඒක ටිකක් හදලා ඊටත් හොඳ result එකක් ගන්න බලන්න.
Reverse engineering කියන්නේ competitor කෙනෙක් හෝ ඕනෑම system එකක success එක බලලා, ඒ ටික තේරුම් ගන්න එකයි, ඊටත් වඩා හොඳට ඔයාගේ විදිහට හදන එකයි. Keywords, structure, tools ටික ගැන හිතලා බලන්න. ටිකක් මහන්සි වෙලා හොද effort දුන්නොත් ඔයාටත් top level එකකට යන්න පුළුවන්. ඉතින්, මේ ටික try කරලා බලන්න. හොඳ result එකක් ගන්න.
එහෙනම්, ජය වේවා!