
අද අපි බලමු keyword research වලට reverse engineering කියන්නේ මොකක්ද කියලා. මේක තමයි website එකකට traffic ගේන්න හොඳම keywords reserach එක. ඉස්සරහින් ඉන්න competitors ලා කරන දේ බලලා ඒ ටික තේරුම් ගන්න එක. එහෙනම් අපි පටන් ගමු!
1. Find Top Players
මුලින්ම ඕනේ keyword research game එකේ top rankings වල ඉන්න අය හොයාගන්න එක. උදා: විදිහට, “best laptops in 2025” search කරලා බලන්න. ඔයාගේ website එකට උඩින් එන websites තමයි ඔයාගේ target එක. Ahrefs හෝ SEMrush Tools වගේ ගත්තොත් ඒවයේ rankings සහ traffic එන keywords ටික ලේසියෙන් හොයාගන්න පුළුවන්.
2. Check Their Keywords
Top competitors ලා යොදන keywords ටික බලන්න. ඒ අය rank වෙන්නේ මොන keywords නිසාද කියලා analyze කරන්න. උදා: ලෙස, “affordable laptops 2025” keyword එකෙන් traffic ගොඩක් එනවා නම්, ඒක ඔයාටත් potential එකක්. Google Keyword Planner හෝ competitor pages ටික බලලා ඒ keywords ලිස්ට් එකක් හදාගන්න.
3. Look at Keyword Placement
Keywords ටික කොහෙද යොදලා තියෙන්නේ කියලා බලන්න. Title tags, meta descriptions, headings, content එක ඇතුළේ බලන්න. උදාහරණයක් විදිහට, “Best Laptops for 2025” title එකක keyword එක front එකේ තියෙනවා නම්, ඒක Google එකට signal එකක්. Reverse engineering කරද්දී ඒ placement ටික බලලා ඔයාත් එහෙම optimize කරන්න.
4. Study Search Volume and Difficulty
Keywords ටික ගැන search volume සහ difficulty බලන්න. High-performing sites ලා යොදන keywords ගොඩක් වෙලාවට high volume, low competition ඒවා වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස, “cheap gaming laptops” monthly searches 10,000 තියෙනවා නම්, ඒත් competition අඩුයි නම්, ඒක තමයි ඔයාට hit කරන්න ඕනේ. Tools වගේ Ubersuggest හෝ Ahrefs ගත්තොත් මේ data එක ලැබෙනවා.
5. Analyze Content Strategy
Keywords ටික content එක ඇතුළේ කොහොමද යොදලා තියෙන්නේ? Top sites ලා ඒවා naturally ලියලා තියෙනවද, keyword stuffing කරලා තියෙනවද බලන්න. උදාහරණයක් ලෙස, “best budget laptops” ගැන 1000 word ලිපියක keyword එක 5-6 වතාවක් යොදලා තියෙනවා නම්, ඒ keyword density එක ඔයාටත් guide එකක්. ඒ වගේ ටිකක් value එකතු කරලා ලියන්න.
6. Test Your Findings
Reverse engineering කරලා keywords හොයාගත්තට ඒක ඉවරයක් නෙවෙයි. ඒ ටික test කරලා බලන්න. Content එකක් ලියලා traffic එනවද කියලා. උදා: ලෙස, “top smartphones in 2025” keyword එක යොදලා post එකක් දාලා බලන්න. Results එන විදිහ බලලා ඊටත් හොඳට වෙනස් කරන්න.
Reverse engineering for keyword research කියන්නේ top search result page වල ඉන්න අය යොදන keywords බලලා, ඒ ටික තේරුම් ගන්න එකයි, ඔයාගේ විදිහට optimize කරලා traffic ගේන්න එකයි. Placement, volume, content strategy ටික ගැන හිතන්න. Paid Tools ටිකක් ගත්තොත් වැඩේ ලේසි වෙනවා. ඉතින්, මේ ටික try කරලා බලන්න හොඳ keywords එක්ක website එක උඩට එනවා තමයි!
එහෙනම්, ජය වේවා!