
අද අපි බලමු competitor SEO strategies reverse engineer කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාගේ website එක උඩට ගන්න ඕනේ නම්, ඔයාට ඉස්සරහින් ඉන්න අය කරන දේ ටික බලලා ඒවා තේරුම් ගන්න එක. එහෙනම් අපි පටන් ගමුකෝ !
1. Identify Your Competitors
මුලින්ම ඕනේ ඔයාගේ competitors ලා කවුද කියලා හොයාගන්න එක. උදාහරණයක් විදිහට, “best laptops in Sri Lanka” search කරලා බලනකොට උඩින්ම එන වෙබ්සයිට් ටික තමයි ඔයා බලන්න ඕනේ. Tools වගේ Ahrefs හරි SEMrush ගත්තොත් ඒවයේ rankings, traffic වගේ ඒවත් එක්ක competitors ලා හොයාගන්න ලේසියි.
2. Keyword Analysis
Competitors ලා යොදන keywords ටික බලන්න. ඒ උන් top rank එකේ ඉන්නේ මොන keywords නිසාද කියලා තේරුම් ගන්න. උදාහරණයක් ලෙස, “cheap smartphones 2025 ” වගේ keyword එකකින් ඒවට traffic එනවා නම්, ඒක ඔයාටත් target කරන්න පුළුවන්. Google Keyword Planner හරි competitor websites වල content එක බලලා keywords ටික pick කරගන්න.
3. On-Page SEO Breakdown
On-page SEO එක තමයි competitor ලගේ page එක හදලා තියෙන විදිහ. Title tags, meta descriptions, headings, keyword density වගේ ඒවා බලන්න. උදාහරණයක් විදිහට, “2025 හොඳම Laptops” කියලා title එකක් යොදලා තියෙනවා නම්, ඒක බලලා ඔයාත් එහෙම catchy එකක් හදන්න. Reverse engineering කරද්දී ඒ ටික ටිකක් improve කරලා යොදාගන්න.
4. Backlink Strategy
Backlinks තමයි competitor ලට strength එක දෙන්නේ. ඒ අයට එන backlinks ටික බලන්න. කොහෙන්ද එන්නේ, කීයක්ද තියෙන්නේ? උදාහරණයක් ලෙස, tech blog එකකින් link එකක් එනවා නම් ඒක quality එකක්. Tools වගේ Moz හරි Ahrefs ගත්තොත් backlink profile එක analyze කරලා ඔයාටත් ඒ වගේ links හොයන්න ලේසියි.
5. Content Approach
Content එක තමයි SEO වල රජා. Competitor ලගේ content එකේ length, style, value ටික බලන්න. උදාහරණයක් ලෙස, “best smartphones” ගැන 1500-word ලිපියක් ලියලා තියෙනවා නම්, ඒකේ specs, reviews, prices ඔක්කොම තියෙනවා. ඔයාත් ඒ වගේ එකක් හදලා, ටිකක් එයාට වඩා හොඳට ලියන්න බලන්න.
6. Technical SEO Tricks
Technical SEO එකත් ලොකු කොටසක්. Page load speed, mobile-friendliness, site structure වගේ ඒවා බලන්න. උදාහරණයක් විදිහට, competitor එකේ වෙබ්සයිට් එක mobile එකෙන් ඉක්මනට load වෙනවා නම්, ඒක තමයි Google එකත් කැමති වෙන්නේ. Google PageSpeed Insights වගේ tool එකකින් බලලා ඔයාගේ එකත් හදාගන්න.
Competitor SEO strategies reverse engineer කරන එක කියන්නේ ඒ උන් කරන හොඳ දේවල් බලලා, ඒ ටික තේරුම් ගන්න එකයි, ඊටත් ටිකක් හොඳට තමන්ගේ විදිහට apply කරන එකයි. Keywords, backlinks, content, technical ටික ගැන හිතලා බලන්න. Tools ටිකක් ගත්තොත් වැඩේ ලේසියි. ඉතින්, ඔයාලත් මේ ටික අත්හදා බලන්නකෝ. competitors ලා පාස් කරලා top rankings වලට එයිද බලමු!
එහෙනම්, ජය වේවා!