
අද අපි බලමු Google SERP rankings reverse engineer කරන්නේ කොහොමද කියලා. SERP කියන්නේ Search Engine Results Page, ඒ කියන්නේ Google එකේ search කරද්දී එන results ටික. මේක තමයි website එකක් top rankings වලට ගෙන්න ඕනේ නම් තේරුම් ගන්න ඕනේ ලොකුම රහස. එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්නේ!
1. Analyze Top-Ranking Pages
මුලින්ම ඕනේ Google එකේ top rankings එකේ තියෙන pages ටික බලන එක. උදාහරණයක් විදිහට, “best laptops in 2025” search කරලා බලනකොට උඩින්ම තියෙන results ටික pick කරගන්න. Tools වගේ Ahrefs හරි SEMrush ගත්තොත් ඒ pages ටික ගැන data ටිකක් හොයාගන්න පුළුවන්.
2. Keyword Strategy
Keywords තමයි SERP එකේ rank වෙන්න ලොකුම කොටසක්. Top pages වල යොදලා තියෙන keywords බලන්න. උදාහරණයක් ලෙස, “affordable laptops in 2025” වගේ keyword එකක් ගොඩක් භාවිතා වෙනවා නම්, ඒක තමයි ඔයාටත් target කරන්න ඕනේ. Google Keyword Planner හරි Ubersuggest වගේ tool එකකින් බලලා keywords ටික select කරගන්න. long tail keyword වලට යන්න පුළුවන් තරම්.
3. On-Page SEO Factors
On-Page SEO තමයි page එකක structure එක. Title tags, meta descriptions, headings වගේ ඒවා බලන්න. උදාහරණයක් විදිහට, “2025 best Laptops price in Sri Lanka” කියලා title එකක් තියෙනවා නම් ඒක keywordව rich එකක්ද කියලා බලන්න. Reverse engineering කරද්දී top pages වල on-page ටික බලලා ඒ විදිහටම ටිකක් හදලා යොදාගන්න.
4. Backlinks සහ Authority
Backlinks තමයි page එකක authority එක තීරණය කරන්නේ. Top-ranking pages වල backlinks ටික බලන්න. කීයක් තියෙනවද, ඒවා එන්නේ quality sites වලින්ද? උදාහරණයක් ලෙස, tech review site එකකින් link එකක් එනවා නම් ඒක ලොකු plus එකක්. Tools වගේ Moz හරි Ahrefs ගත්තොත් backlink profile එක ලේසියෙන් analyze කරන්න පුළුවන්.
5. Content Quality
Content එකේ quality එක තමයි SERP එකේ රැඳෙන්න ඕනේ නම් වැදගත්ම දේ. Top pages බලනකොට ඒවා ගොඩක් වෙලාවට in-depth එකක්—1000-2000 words තියෙනවා වගේ. උදාහරණයක් ලෙස, “best smartphones in 2025” ගැන ලියනවා නම් specs, prices, pros, cons ඔක්කොම එකතු කරලා තියෙනවා. ඒ වගේ ටිකක් value එකතු කරලා ලියන්න.
6. User Experience (UX)
Google එක rank කරන්නේ user experience එකත් බලලා. Page load speed, mobile-friendliness, easy navigation වගේ ඒවා බලන්න. උදාහරණයක් විදිහට, top page එකක් mobile එකෙන් බලනකොට ලේසියෙන් ඕනේ තැනකට scroll කරන්න පුළුවන් නම්, ඒක තමයි ඔයාටත් ඕනේ වෙන්නේ. Google PageSpeed Insights වගේ Tools ගත්තොත් UX එක ගැන idea එකක් ගන්න පුළුවන්.
Google SERP rankings reverse engineer කරන එක කියන්නේ top rank එකේ ඉන්න අය කරන දේ බලලා, ඒ ටික තේරුම් ගන්න එකයි, ඊටත් ටිකක් හොඳට තමන්ගේ විදිහට හදාගන්න එකයි. Keywords, backlinks, content quality, UX ටික ගැන හිතලා බලන්න. Paid Tools ටිකක් ගත්තොත් ලේසියි. ඉතින්, ඔයාලත් මේ ටික අත්හදා බලන්නකෝ website එක top rank එකට එයිද කියලා බලමු!
එහෙනම්, ජය වේවා!