
අද අපි කතා කරන්නේ On-Page SEO ගැන. මේක තමයි website එකක් optimize කරලා search engines වලට හොඳින් rank වෙන්න උදවු කරන එක. Reverse engineering කියන්නේ අපි මේ SEO techniques ටික ආපසු හරවලා බලනවා, ඒවා කොහොමද වැඩ කරන්නේ කියලා. එහෙනම් පටන් ගමු!
1. Keyword Research
On-Page SEO වල පළවෙනි පියවර තමයි keyword research. මේකෙන් අපි බලනවා users ලා search engines වල type කරන words ටික මොනවද කියලා. උදාහරණයක් විදිහට, “best laptops in 2025” වගේ keyword එකක් popular නම්, ඒක භාවිතා කරලා content ලියන්න ඕනේ. Tools වගේ Google Keyword Planner එක ගත්තොත් මේ keywords හොයාගන්න ලේසියි.
2. Title Tags
Title tag එක තමයි webpage එකේ headline එක වගේ. Search engines බලන්නේ මේ title එකෙන් page එක මොනවද කියලා. උදාහරණයක් විදිහට “2025 best Laptops” වගේ title එකක් දාන්න පුළුවන්. ඒත් keyword එක රැකෙන්න ඕනේ. Reverse engineering කරද්දී, top-ranking pages වල titles බලලා pattern එකක් හොයාගන්න. ඒවා short, catchy, සහ keyword-rich වෙන්න ඕනේ.
3. Meta Descriptions
Meta description එක තමයි search results වල පේන්නේ, page එක ගැන කෙටි විස්තරයක්. උදාහරණයක් ලෙස, “best performance laptops 2025 honest review” කියලා දාන්න පුළුවන්. Reverse engineering වලදී competitor Website බලලා ඔවුන්ගේ meta descriptions catchy සහ informative ද කියලා බලන්න.
4. Content Optimization
Content එක තමයි SEO වල හදවත. ඔබේ ලිපිය Sinhala වුණත් English වුණත්, keywords naturally එකතු කරන්න ඕනේ. උදාහරණයක් විදිහට, ” 2025 Laptops high performance and affordable” කියලා ලියන්න පුළුවන්. Reverse engineering කරද්දී top pages වල content length, keyword density, සහ structure බලන්න. ඒවා ගොඩක් වෙලාවට 800-1500 words ඇතුළත් වෙනවා.
5. Internal Links
Internal links එකතු කරලා website එකේ pages connect කරන්න ඕනේ. උදාහරණයක් ලෙස, “මේ ලිපියේ laptops ගැන තව දැනගන්න” කියලා link එකක් දාන්න. Reverse engineering කරද්දී, competitor වෙබ්සයිට් බලලා ඔවුන් internal links කොහොමද යොදාගෙන තියෙන්නේ කියලා බලන්න.
6. Image Optimization
Images වලට alt text දාන්න ඕනේ, search engines ඒවා තේරුම් ගන්න. උදාහරණයක් ලෙස, “high performance laptop 2025” කියලා alt text එකක් දාන්න. Top sites බලලා ඔවුන් images compress කරලා සහ alt text යොදලා තියෙන විදිහ බලන්න.
Reverse engineering On-Page SEO කියන්නේ competitor වෙබ්සයිට් බලලා ඔවුන්ගේ strategies තේරුම් ගන්න එකයි, ඒවා ටිකක් හදලා තමන්ගේ විදිහට යොදාගන්න එකයි. Sinhala වලින් content ලියනවා නම් keywords එකතු කරන විදිහ ගැනයි, structure එක ගැනයි හිතන්න. Tools වගේ Ahrefs, SEMrush වගේ ඒවා ගත්තොත් data හොයාගන්න ලේසියි. ඉතින්, ඔයාලත් මේ ටික try කරලා බලන්නකෝ, website එක rank වෙයිද කියලා!
එහෙනම්, ජය වේවා!