
ඔයාගේ Hotel Business එකට අනිවාර්යෙන් Website එකක් අවශ්‍ය ද ?
website එකක් ගැන හිතන්න කලින් Hotel Owner කෙනෙක් අනිවාර්යෙන්ම Digital Marketing ගැන දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඔයාට ඒ පොස්ට් එක මග හැරුනනම් මේ ලින්ක් එකෙන් ඒක මුලින්ම කියවලා ඉන්න.
https://www.facebook.com/share/p/1KAGPFx4WW/
මේ වන විට හොටෙල් business එකක් operate කරන ඔබට නිතරම මතුවන ප්‍රශ්නයක් තමයි “මගේ හොටෙල් එකට website එකක් අත්‍යවශ්‍යම ද?” කියන එක.
මෙම ලිපියෙන් අපි බලමු හොටෙල් ව්‍යාපාරයකට website එකක අවශ්‍යතාවය සහ website එකක් නැතිව ඔබට ගත හැකි විකල්ප මාර්ග මොනවාද කියලා.
Digital Presence එකේ වැදගත්කම (The Importance of Digital Presence)
අද වෙද්දී බොහෝ travelers ලා තමන්ගේ trip එක plan කරන්නේ online. ඔවුන් booking කරන්න කලින් hotel එක ගැන research කරනවා.
උදා: බොහෝ වෙලාවට මාත් hotel එකක් online select කරන්නේ. නමුත් මන් දන්නවා ගොඩක් hotels update නෑ ඩුම එයාලගේ social media platforms තුළවත්. ඉතින් direct call එකක් දීල විස්තර ඇහුවම ගොඩක් ලස්සන තැන් තියෙනවා. නමුත් ඒ දේවල් කොහෙවත් බලාගන්න නැ.
2024 වසරේ සිදුකළ සමීක්ෂණයකට අනුව, සංචාරකයින්ගෙන් 85% ක් පමණ තමන්ගේ නවාතැන් ගැන තීරණ ගන්නේ online.
ඔබේ hotel එකට website එකක් තිබීම ඇයි වාසිදායක වන්නේ ?
1. 24/7 ඔබේ සේවාවන් ගැන තොරතුරු ලබාදීමට හැකිවීම.
2. Direct bookings ලබාගැනීමට අවස්ථාව.
3. International market එකට ප්රවේශවීමේ හැකියාව.
4. Brand image එක ශක්තිමත් කිරීම.
Website එකක Benefits මොනවද? (Benefits of Having a Website)
1. Direct Bookings වැඩි කරගන්න පුළුවන්
OTA (Online Travel Agencies) වලට ගෙවන commission fees වලින් මිදී, direct bookings වැඩි කර ගැනීමට website එකක් උපකාරී වෙනවා. ඔබේම booking engine එකක් සමඟ ඔබට special rates සහ packages ඍජුවම offer කරන්න පුළුවන්.
2. Brand Identity එක ගොඩනගා ගන්න පුළුවන්.
ඔබේම website එකක් තුළින් ඔබේ හොටලයේ unique personality එක highlight කරන්න පුළුවන්. ඔබේ design එක photos, content සහ overall feel එක control කරමින් competitors ලාගෙන් වෙනස් වෙන්න පුළුවන්.
3. Customer Trust ගොඩනගා ගන්න පුළුවන්.
Professional website එකක් තිබීම ඔබේ business එක legitimate බව පෙන්වනවා. Customer reviews ප්‍රදර්ශනය කිරීමෙන් අනාගත පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත හැකියි.
4. Marketing Campaigns සාර්ථක කරගන්න පුළුවන්.
ඔබේ website එක හරහා email marketing, special promotions සහ seasonal offers ක්‍රියාත්මක කිරීම පහසුයි. මෙමඟින් direct revenue එක වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා.
Website එකක් නැතුව යන්න පුළුවන්ද? (Can You Manage Without a Website?)
ඇත්තටම ඔබේ business model එක සහ target audience එක මත මේක රඳා පවතිනවා. ඔබේ හොටලය පුංචි එකක් නම් හෝ mainly local customers ලා target කරනවා නම්, මේ විකල්ප මාර්ග සලකා බලන්න පුළුවන්:
1. Social Media Presence එක ශක්තිමත් කරන්න.
Facebook, Instagram සහ TripAdvisor වැනි social media platforms තුළ active presence එකක් පවත්වාගෙන යාම. Facebook page එකක් හරහා reservations ගන්න පුළුවන් සහ ඔබේ services ප්‍රදර්ශනය කරන්න පුළුවන්.
2. OTA Platforms භාවිතා කරන්න.
Booking.com, Airbnb, Agoda වැනි OTA platforms හරහා ඔබේ hotel එක list කරන්න පුළුවන්. මේවා හරහා ලෝකයේ ඕනෑම තැනක ඉන්න potential customers ලාට ඔබේ hotel එක සොයාගත හැකියි.
මෙතන අවාසිය තමි ඔයාගේ business එක මේ OTA platforms මත රාදා පවතින්නේ.
3. Google Business Profile එකක් create කරන්න.
Google Maps සහ Google Search වල ඔබේ business එක පෙන්වීමට මෙය අත්‍යවශ්‍යයි. Customer reviews, photos, contact details සහ location details share කරන්න පුළුවන්.
ROI Consideration (ආයෝජන ප්රතිලාභ සැලකිල්ල)
Website එකක් සැකසීමේදී consider කල යුතු වියදම්.
1.Domain registration සහ hosting.
2.Professional design සහ development.
3.Maintenance සහ updates.
4.SEO සහ marketing.
Website එකකින් ලැබිය හැකි ප්රතිලාභ:
1.Commission fees ඉතිරි කර ගැනීම. (OTA commission 15-25% පමණ)
2.Direct bookings වලින් වැඩි ආදායම (average 20% revenue increase)
3.Brand value එක ඉහළ යාම.
Practical Recommendations
1.ඔබේ Hotel Size එක සහ Target Market එක සලකා බලන්න.
Large/Medium hotel: Website එකක් අත්‍යවශ්‍යයි.
2.Boutique hotel targeting international guests: Website එකක් වාසිදායකයි.
Small local guesthouse: Social media සහ Google Business Profile එකක් ප්‍රමාණවත් විය හැකියි.
3.Budget එක සීමිත නම්
Website builder platforms (Wix, Squarespace) භාවිතා කරන්න.
Social media presence එක maximize කරන්න.
Local SEO techniques වලට අවධානය යොමු කරන්න.
4.Budget එක තිබේ නම්,
Professional website එකක් සමඟ booking engine එකක් integrate කරන්න.
Content marketing strategy එකක් implement කරන්න.
Mobile-friendly responsive design එකක් යොදා ගන්න.
අවසාන වශයෙන්, ඔබේ hotel business එකට website එකක් අවශ්‍යද කියන කාරණය රඳා පවතින්නේ ඔබේ business model එක, target audience එක, සහ marketing strategy එක මත.
ලෝකය digitalize වෙමින් තිබෙන මොහොතක, යම් ආකාරයක digital presence එකක් තිබීම අත්‍යවශ්‍යයි.
සෑම hotel business එකකටම website එකක් අනිවාර්යම නැති වුනත්, ඔබ business එක කුමන දිශාවකට ගෙන යන්න කැමතිද සහ ඔබේ customers ලා කොහෙන්ද එන්නේ කියන කාරණා මත තීරණය කිරීම වඩාත් සුදුසුයි.
Website එකකට alternative strategies තිබුණත්, දිගු කාලීනව බලන විට professional website එකක් ඔබේ business එකේ credibility එක සහ profitability එක වැඩි කරන long-term investment එකක් ලෙස සැලකිය හැකියි.
ඔබේ තත්වයට ගැලපෙන හොඳම විසඳුම තෝරා ගැනීමට මෙම තොරතුරු ඔබට උපකාරී වේවි.
Chamila Anuradha
Performance Digital Marketer
ඊලග පොස්ට් එකෙන් අපි කතා කරමු : ඔයාගේ Hotel Website එකේ තිබිය යුතු විශේෂිතම දේවල් මොනවද ? කියල.