
ඔබත් Hotel Owner කෙනෙක්නම් අනිවාර්යෙන්ම Digital Marketing ගැන දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.
ඒ අතරින් කරුණු කිහිපයක් ගැන අද කතා කරමු.
ඔබේ Hotel bookings අඩුද? Guests ආකර්ෂණය කරගන්න අපහසුද? අද ලෝකේ ගොඩක් tourists තමන්ගේ travel plans හදන්නේ online. ඒ නිසා ඔබේ business එක digital world එකේ visible නැත්නම් ඔබට ගොඩක් opportunities අහිමි වෙනවා.
අපි බලමු Digital Marketing තුලින් ඔබට ලැබෙන වාසි කිහිපයක්.
1. More Bookings
Google Ads, meta ads වගේ Advertising platforms භාවිතා කරලා ඔබේ හෝටලය direct bookings ගන්න පුළුවන් ලේසියෙන්ම.
Special offers, seasonal packages promote කරලා customers ආකර්ෂණය කරගන්න.
උදා: “Book 2 nights, get 10% off ” වගේ post එකක් ලක්ෂ ගණනකට reach වෙන්න පුළුවන්.
2. Brand Trust ගොඩනගන්න
Photos, videos, customer reviews share කරලා ඔබේ හෝටලයේ uniqueness පෙන්වන්න.
TripAdvisor, Airbnb, Booking.com වගේ platforms එක්ක integrate වෙලා positive online presence එකක් ඇති කරන්න.
Guestsලා trust කරන brand එකක් බවට පත්කරගන්න.
3. Local & International Guests ආකර්ෂණය කරන්න.
Social media තුලින් ලංකාවේ විතරක් නෙවෙයි, foreign travelers ලත් target කරන්න.
උදා: Instagram Reels එකක Ella, Galle, හෝ Kandy හෝටලයක vibe එක පෙන්නන්න.
4. profitable & Measurable Results
TV, radio ads වලට වඩා social media paid ads ලාභයි.
Analytics tools එකකින් හෝ ads reports වලින් ඔබේ campaign එකේ performance track කරන්න පුළුවන් වගේම කීදෙනෙක්ට reach උනාද, කීදෙනෙකුගෙන් booking ආවද මොන Advertisement එකෙන්ද වැඩිපුර Inquiries අවේ කියලා බලන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා.
ඔබේ budget එකට fit වෙන විදිහට campaigns run කරන්න!
campaigns bugets ගැන අපි වෙනම කතා කරමු.
5. Competitorsලා එක්ක ඉස්සරහින් ඉන්න
ඔබේ competitors බොහෝ දෙනෙක් digital marketing strategies භාවිතා කරනවා. ඔබේ ව්‍යාපාරයටත් මේ දේවල් apply කලේ නැත්නම් ඔයාට එන Bookings අඩු වෙනන පුළුවන්.
SEO (Search Engine Optimization) මගින් Google එකේ ඔයාගේ hotel category එකට සෙට් වෙන search queries (ex: Luxury glamping hotel in Yala) වගේ search කරද්දී ඔබේ හෝටලය search enginesවල top rank එකට එන්න හදන්න.
6. ඔබේ hotel එකට Digital Marketing apply කරන්නේ කොහොමද?
Social Media: Facebook, Instagram, TikTok එකේ engaging content share කරන්න.
Website: User friendly website විදිහට online bookings enable කරන්න.
Email Marketing: Loyal customers ලට offers, newsletters එවන්න.
Paid Ads: Targeted ads run කරලා specific audiences එකට reach වෙන්න.
7. Digital marketing strategy එකක් ඇයි අවශ්‍ය වෙන්නේ ?
හරීම විදිහනම් Bookings ඕන නිසා paids ads run කරන් නැතුව ඔබේ ව්‍යාපාරයට සුදුසු Digital marketing strategy එකකින් ආරම්භ කරනවානම් තමයි වඩාත් හොද?
එ plan එක මාස 6කට ද අවුරුද්දකට ද කියන එක තීරණය වෙන්නේ ඔබේ අවශ්‍යතාවය සහ ව්‍යාපාරයේ අනාගත දැක්ම අනුවයි.
එහෙම නැති උනොත් හරියට coach කෙනෙක් නැති ජිම් එකකට ගහින් කිසිම plan එකක් නැතුව හිතෙන හිතෙන ව්‍යායාම කරනවා වගේ වැඩක්. මොකද වෙන්නේ කියල අමුතුවෙන් කියන්න ඕන නැනේ.
ඔයා වියදම් කරන මුදලට හොද result එකක් ගන්නම් ඒ සම්බ්න්ධ ප්රවිනයෙක්ගෙන් උපදෙස් ගන්න එක තමයි ඔයා ව්‍යාපාරය වෙනුවෙන් කරන හොදම ආයෝජනය.
මේ හින්දා තමයි මම කියන්නේ – Boosting is for beginners, proper Facebook Ads are for professionals.
Chamila Anuradha
Performance Digital Marketer
ඊලග පොස්ට් එකෙන් කතා කරමු : ඔයාගේ Hotel business එකට අනිවාර්යෙන් website එකක් අවශ්‍ය ද කියල ?